Posts

අපක්ෂපාතී නිරීක්ෂණය භාවනා උපදෙස් අංක 19

දේශනාවේ පිටපත 👇 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස......./// බුද්ධං, ධම්මං, සංඝං නමස්සාමි. මඝ්ඝා නට්ඨංගිකං සෙට්ඨෝ සච්චානං චතුරෝපධා විරාගෝ සෙට්ඨෝ ධම්මා නං ද්විපදානංච චක්ඛුමාතීති.  මාර්ගයන් අතරින් කාරනා අටකින් යුත් ආර්‍යශ්ටාංගි මාර්ගය ශ්‍රේෂ්ඨයි,  සත්‍යන් අතරින් කාරනා හතරකින් යුත් චතුරාර්‍යසත්‍ය ශ්‍රේෂ්ඨයි, ධර්මතා අතරින් නොඇල්ම නම් වූ විරාගය ශ්‍රේෂ්ඨයි,  දෙපා ඇත්තවුන් අතරින් ඔබෙත් මගෙත් ශාස්තෲන්වරයාන් වෙච්ච බුදුරජාණන්වහන්සේ ශ්‍රේෂ්ඨයි.  පින්වත් මෑණියන් ප්‍රධාන, ශ්‍රද්ධාවන්ත පින්වතුන්ගෙන් අවසරයි. සතිපට්ටාන සූත්‍රය කේන්ද්‍රගත කරගත්ත 19 වැනි භාවනා උපදේශය කරන වෙලාවයි මේ. පසුගිය සතිය වෙනකොට අනාපානසති සූත්‍රය හරහා අපි ගොඩක් දුර ඇවිත් තිබුනා. අවසාන භාවනා උපදේශයට අවසානයක් දකින වෙලාවේදි ධම්මානුපස්සනා කොටස ගැන යම් විදිහක විවරණයක් කරන්න අපි උත්සහ උනා.කොහොම නමුත් දීර්ඝ ගමනක් ආවා.  මේක අපි ඉස්සෙල්ලම සද්ද බද්ද එක්ක වැඩේ පටන් ගත්තෙ, ඒවට සාදර වෙන්න කියලා.ඊට පස්සෙ හිත දුවන ඒවට. ඒ දෙක හසුරවාගෙන ශරීරය මතුපිටට ආවා. අභ්‍යන්තරයට යන්න හදිස්සි උනේ නැ. ඉවසන්න කිව්වා. ශරීරය මතුපිටත...

අපක්ෂපාතී නිරීක්ෂණය භාවනා උපදෙස් අංක 11

දේශනාවේ පිටපත 👇 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.......!!! බුද්ධං ධම්මං සංඝං නමස්සාමි... "තන්හාය දුතියෝ පුරිසෝ, දීඝ මද්දාන සංසරංතිති..."  ශ්‍රද්ධාවන්ත පින්වතුනි අදත් අපි මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍රගත කරගත්ත 11 වෙනි ධර්ම සාකච්ඡාව සිදුකරගෙන යන වෙලාවයි මේ. මාස තුනක් හෝ ඒ වගේ කාලයක් මේ කටයුත්ත මෙහෙමම කරගෙන යනවා. පහුගිය දේශනාව අවසාන කරනකොට අනුශාසනාව අපි කිට්ටු වුණා ආනාපානාසතිය කියන භාවනා ක්‍රමය පුරුදු කරන අයට ඒක කරගෙන යන්න පුලුවන් විදි ගැන අත්දැකීම් තියෙන විදිහටත් ගුරුවරුන්ගේන් ඉගෙනගෙන තියෙන විදිහටත් සූත්‍රයේ සදහන් විදිහටත් කියන මේ ආකාර තුනම එකට එකතු කරලා කතාබහ කරන්න. කෙසේ හෝ නමුත් මම පුද්ගලිකව සූත්‍රයට ගොඩක් ගරු කරනවා. ඒ හින්දා සූත්‍රය කුලුගන්වන්නන්න ගොඩක් උත්සහ කරනවා. ඒ වගේම ඒකට තියන සාධකත් ඉදිරිපත් කරන්න යුහුසුළු වෙනවා. පසුගිය කාලය පුරාවට ඒ වගේ කාරණා ඉදිරිපත් කලා ඔය ඇත්තන්ට මතක ඇති.ගිය සතියේ ගාථාවකින් කියන කාරණාවක් අවසානයට අරගත්තා  " ආනාපානාසතියස්ස , පරිපුන්නා සුභාවිතා  අනුපුබ්බං පරිචිතා , යතා බුද්දේන දේසිතා සෝමං ලෝකං පභාසේතී , අබභාමුත්තෝව චංදිමා ...

අපක්ෂපාතී නිරීක්ෂණය භාවනා උපදෙස් අංක 02

  දේශනාවේ පිටපත  👇 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස......///  බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. "ජයං වේරං පසවති, දුක්ඛං සේති පරාජිතෝ, උපසන්තෝ පසංසේතී, හිත්වා ජය පරාජයං" ශ්‍රද්ධාවන්ත පින්වතුනි අදත් පුරුදු පරිදි අර සතිපට්ඨානය කියන මාතෘකාවට අදාල දෙවැනි භාවනා උපදේශයයි මේ පැවැත්වෙන්නේ. ඉතින් අපි සිහිය පිහිටුවා ගැනීම නම් වූ භාවනාව සහ සාමාන්‍ය ජීවිතයේදීත් සිහිය භාවිතා කරන අයුරු ගැන විමර්ශනය කරන වෙලාවයි මේ. පසුගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කළොත් අපි කතා කරන්න උත්සාහ කළේ සිහිය කියන දේ අපේ ජීවිතයට අතිශයින්ම සම්බන්ධයි කියන දෙයයි. ඒ වගේම සිහිය ගලපාගැනීමෙන්  මහා ප්‍රයෝජන අත්කරගන්න පුළුවන් කියන කාරණයයි.  ඉතින් මූලිකවම මේ සතිපට්ඨාන භාවනාව වැඩීම තුළ ගොඩනැංවන කරුණු කරුණු 2ක් තිබුනා. 1. සමථය කියලා කියන හිතේ තැන්පත් බවත් 2.කරුණු කාරණා විමර්ශනය කරන්න සහ තේරුම් ගන්න පුළුවන් බව හැකියාව කියන විදර්ශනාවත් යන දෙකම එකට සමසේ වැඩෙමින් යන විත්තිය ඔය ඇත්තන්ට මුලින්ම කියල දුන්න බව මතක ඇති.  ඉතිං භාවනාවට පර්යංකයට හෝ සක්මනට යන්න පෙරාතුව මගේ යෝජනාවක් තිබුණා සාමාන්‍ය ජීවිතයේදීත් කරන කියන කටයුතු ...

අපක්ෂපාතී නිරීක්ෂණය භාවනා උපදෙස් අංක 01

  දේශනාවේ පිටපත👇 නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස...///  බුද්ධං  ධම්මං සංඝං නමස්සාමි "ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං"  පින්වතුනේ මූලිකවම ගත්තහම අපි දන්න මේ දහමේ අපි දන්නවා, අහල තියෙනවා, සමථය සහ විපස්සනාව කියලා දෙකක් සඳහන් වෙන බව. පළවෙනියෙන්ම  කියන්න සන්තෝසයි ඔය කියන සමථය සහ විපස්සනාව යන දෙකම සතිය වැඩීම තුළින් දියුණු වෙන විත්තිය බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරල තියෙනවා සූත්‍රවල, ඔය ඇත්තන්ට කැමතිනම් හොයල බලන්න පුළුවන්. ඒ කියන ගමනේදී  සතිය වැඞීමේ මූලාරම්භ ඉඳලම හිතේ තැන්පත් බව කියන "සමථ" ගුණයත්, කරුණු කාරණා නිවැරදි ආකාරයෙන් දැක ගන්නවා, දැනගන්නවා, අවබෝධ කරගන්නවා, කියන "විපස්සනාවත්", එහෙම නැත්තං අනිත්‍යතාවය, දුක් කතාවය සහ අනාත්මය අපි තේරුම් ගන්න පටන් ගන්නවා. ඒ කොහොමද සිහිය වැඩීමේ මුල ඉදලාම යන අවධානය නිසා.   ඕකට මම අපක්ෂපාතී නිරීක්ෂණය කියලා කියනවා.  එතකොට මේ සතිපට්ඨානය කියන ක්‍රමය තුළදී ප්‍රධාන තැන දෙන්නෙ "සිහියටයි".ප්‍රධාන තැන දෙන්නේ අවධානය යොමුවන දෙයටයි. නමුත් මීට පෙරාතුව අපේ ප්‍රධාන අවධානය උනේ හෝ අපේ මූලික අභිප්‍රාය අපේ මූලික වු...