අපක්ෂපාතී නිරීක්ෂණය භාවනා උපදෙස් අංක 19
දේශනාවේ පිටපත 👇 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස......./// බුද්ධං, ධම්මං, සංඝං නමස්සාමි. මඝ්ඝා නට්ඨංගිකං සෙට්ඨෝ සච්චානං චතුරෝපධා විරාගෝ සෙට්ඨෝ ධම්මා නං ද්විපදානංච චක්ඛුමාතීති. මාර්ගයන් අතරින් කාරනා අටකින් යුත් ආර්‍යශ්ටාංගි මාර්ගය ශ්‍රේෂ්ඨයි, සත්‍යන් අතරින් කාරනා හතරකින් යුත් චතුරාර්‍යසත්‍ය ශ්‍රේෂ්ඨයි, ධර්මතා අතරින් නොඇල්ම නම් වූ විරාගය ශ්‍රේෂ්ඨයි, දෙපා ඇත්තවුන් අතරින් ඔබෙත් මගෙත් ශාස්තෲන්වරයාන් වෙච්ච බුදුරජාණන්වහන්සේ ශ්‍රේෂ්ඨයි. පින්වත් මෑණියන් ප්‍රධාන, ශ්‍රද්ධාවන්ත පින්වතුන්ගෙන් අවසරයි. සතිපට්ටාන සූත්‍රය කේන්ද්‍රගත කරගත්ත 19 වැනි භාවනා උපදේශය කරන වෙලාවයි මේ. පසුගිය සතිය වෙනකොට අනාපානසති සූත්‍රය හරහා අපි ගොඩක් දුර ඇවිත් තිබුනා. අවසාන භාවනා උපදේශයට අවසානයක් දකින වෙලාවේදි ධම්මානුපස්සනා කොටස ගැන යම් විදිහක විවරණයක් කරන්න අපි උත්සහ උනා.කොහොම නමුත් දීර්ඝ ගමනක් ආවා. මේක අපි ඉස්සෙල්ලම සද්ද බද්ද එක්ක වැඩේ පටන් ගත්තෙ, ඒවට සාදර වෙන්න කියලා.ඊට පස්සෙ හිත දුවන ඒවට. ඒ දෙක හසුරවාගෙන ශරීරය මතුපිටට ආවා. අභ්‍යන්තරයට යන්න හදිස්සි උනේ නැ. ඉවසන්න කිව්වා. ශරීරය මතුපිටත...