අපක්ෂපාතී නිරීක්ෂණය භාවනා උපදෙස් අංක 02
දේශනාවේ පිටපත 👇 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස....../// බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. "ජයං වේරං පසවති, දුක්ඛං සේති පරාජිතෝ, උපසන්තෝ පසංසේතී, හිත්වා ජය පරාජයං" ශ්‍රද්ධාවන්ත පින්වතුනි අදත් පුරුදු පරිදි අර සතිපට්ඨානය කියන මාතෘකාවට අදාල දෙවැනි භාවනා උපදේශයයි මේ පැවැත්වෙන්නේ. ඉතින් අපි සිහිය පිහිටුවා ගැනීම නම් වූ භාවනාව සහ සාමාන්‍ය ජීවිතයේදීත් සිහිය භාවිතා කරන අයුරු ගැන විමර්ශනය කරන වෙලාවයි මේ. පසුගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කළොත් අපි කතා කරන්න උත්සාහ කළේ සිහිය කියන දේ අපේ ජීවිතයට අතිශයින්ම සම්බන්ධයි කියන දෙයයි. ඒ වගේම සිහිය ගලපාගැනීමෙන් මහා ප්‍රයෝජන අත්කරගන්න පුළුවන් කියන කාරණයයි. ඉතින් මූලිකවම මේ සතිපට්ඨාන භාවනාව වැඩීම තුළ ගොඩනැංවන කරුණු කරුණු 2ක් තිබුනා. 1. සමථය කියලා කියන හිතේ තැන්පත් බවත් 2.කරුණු කාරණා විමර්ශනය කරන්න සහ තේරුම් ගන්න පුළුවන් බව හැකියාව කියන විදර්ශනාවත් යන දෙකම එකට සමසේ වැඩෙමින් යන විත්තිය ඔය ඇත්තන්ට මුලින්ම කියල දුන්න බව මතක ඇති. ඉතිං භාවනාවට පර්යංකයට හෝ සක්මනට යන්න පෙරාතුව මගේ යෝජනාවක් තිබුණා සාමාන්‍ය ජීවිතයේදීත් කරන කියන කටයුතු ...